23 සැප්තැම්බර් 20263 photosHealth Programmes
උතුරු මැද පළාත් අභ්‍යන්තර කටයුතු ඒකකයේ මාසික සභා රැස්වීම අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.09.16 පැවැත්විණි.
සුපිළිපන්න සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් පැවැති මෙම රැස්වීමේදී අභ්‍යන්තර කටයුතු ඒකකවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ආයතනික පාලනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.
මෙහිදී විශේෂයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව වැඩිදුර සාකච්ඡා සිදුකරන ලදී.
- අභ්‍යන්තර කටයුතු ඒකකවල රැස්වීම් ප්‍රගතිය වාර්තා කිරීම.
- ව්‍යවස්ථාපිත ආයතන දැනුවත් කිරීම.
- පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ආයතනික ස්වයං ඇගයීම්.
- දූෂණය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.
- චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම.
- තුන්වන අධියර යටතේ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම.
සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ලබාගත් තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම සාමාජිකයින්ට සහ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමටද මෙහිදී කටයුතු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සුපිළිපන්න නිලධාරීන් සහ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් සහභාගී වූහ.



